රු. මිලියන 105ක මත්ද්‍රව්‍ය සමග නගර සභා සේවකයෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග 03/06 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන නගර සභා සේවකයෙකි. ඔහු 03/06 දින අලුයම 12.50 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුළක් සකස් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 590 ක ප්‍රමාණය සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 910 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී.හේරත් මහතාගේ අධීක්ෂණය මත කටුනායක ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරමින් සිටින අතර 03/06 දින මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
